NIGHT DATA වලට සහනයක්

දිගින් දිගටම ලැබෙන පැමිණිලි නිසා රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඬේටා වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිය අවධානය යොමුව තිබේ.

රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඬේටා වෙනුවෙන් වැඩිපුර මුදලක් ගෙවීමට පාරිභෝගිකයින්ට සිදුව ඇති බවත්, එය වංචාවක් බව පාරිභෝගිකයින්ගේ විශ්වාසය වී ඇති බවත්, එබැවින් මෙම කාරණයට විධිමත් විසදුමක් ලබාදීම කාලීන අවශ්‍යතාවක් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

මේ පිළිඹදව ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද සාකච්ඡා වූ අතර එහිදි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසුවේ දහවල් කාලයේ අන්තර්ජාලයේ පවතින තදබදය අවම කර ගැනීම සදහා පාරිභෝගිකයා පෙළඹවීමට මෙලෙස රාත්‍රී කාලයේ සහ දහවලට අදාලවන පරිදි වෙන වෙනම ඬේටා ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි.

එසේ වුවත් බොහෝ දෙනෙකු විසින් භාවිතයට නොගන්නා රාත්‍රී ඬේටාවලට සාධාරණයක් ඉටුකිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විසදුමක් ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවදානය යොමු කර ඇති බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *