සුප්‍රකට විද්‍යුත් තැපැල් සේවාවක් ලෙසින් සැලකෙන Gmail යෙදවුමේ තාක්ෂණික දෝෂයක් පවතින බවට එම යෙදවුම භාවිතා කරන පරිශීලකයින්ගෙන් පැමිණිලි ලැබෙමින් පවතිනවා. පරිශීලිකයින් සඳහන් කර සිටින්නේ Gmail සේවාව මගින් විද්‍යුත් ඊමේල් යොමු කිරිමට නොහැකි වන ආකාරයේ තාක්ෂණික ගැටළුවකට තමන් මුහුණ පාමින් සිටින බවයි. එමනේම ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ලෝකයේ වෙනත් ප්‍රදේශ හරහා ලිපිගොනු ඇමිණීමටද (Attach) නොහැකි තත්වයක් උද්ගතවි තිබේ.
ඒ අනුව Gmail තාක්ෂණික හා පාරිභෝගික සේවා අංශය සටහනක් තබමින් තහවුරු කර සිටින්නේ එවැනි තාක්ෂණික ගැටළුවක් සම්බන්ධයෙන් වන පැමිණිලි තමන් වෙත ලැබෙමින් පවතින බවටයි


