Airasia මත්තල දක්වා සිය ගුවන් ගමන් ආරම්භ කරයි

අවම ගාස්තු යටතේ සේවා සලසන ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන Airasia ගුවන් සමාගම මත්තල ගුවන් තොටුපළ වෙත සිය ගුවන් ගමන් මුල් වරට ආරම්භ කර තිබේ. ඊයේ (09) දහවල් 1.30 ට ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීමට පිලිපීන ජාතික මුහුදු නාවිකයන් 11 දෙනෙකු රැගෙන පිලිපීනයේ මැනිලා නුවර සිට මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අනතුරුව එම ගුවන් යානය ගාල්ල වරායේ සේවය නිමා කළ තවත් පිලිපීන ජාතික මුහුදු නාවිකයන් 14 දෙනෙකුද රැගෙන අද (10) දින පිලිපීනයේ මැනිලා නුවර බලා මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *