නවදිල්ලියේ පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සමගාමීව අනුර කුමාර දිසානායක සහ එමානුවෙල් මැක්රොන් අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.
මෙම හමුවේදී, රාජ්‍ය නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, විශේෂයෙන්ම තාක්ෂණ, ඩිජිටල් නවෝත්පාදන සහ තිරසාර සංවර්ධන යන ක්ෂේත්රවල අදහස් හුවමාරු කර ගත්හ. ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම සඳහා වූ කැපවීම ද ඔවුන් යළිත් තහවුරු කළහ.
ජනාධිපති දිසානායක භූතානයේ අගමැති Tshering Tobgay මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වීය. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීම සහ දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
ඊට අමතරව ජනාධිපතිතුමා අබුඩාබි ඔටුන්න හිමි කුමරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan මහතා ද හමුවිය. ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නැගී එන අංශවල නව අවස්ථා ගවේෂණය කිරීම පිළිබඳ සාකච්ඡා කේන්ද්‍රගත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පැවැත්වුණා.



