Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සැප්තැම්බර් 08 සිට පාසැල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සියලුම රජයේ පාසල් සැප්තැම්බර් 02 වෙනිදා සිට පෙ.ව .7.30 සිට ප.ව 1.30 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

එමෙන්ම පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම පංති ලබන සැප්තැම්බර් මස 08 වෙනිදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.

ඔබේ අදහස