කොවිඩ් – 19 වෛරසය මර්දනය සඳහා තමන් ලබාදුන් යෝජනා මාලාවන් රජය නිසි ලෙස ක්රියාත්මක කළේ නම් පසුගිය මාසය අවසන් වන විට රට යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති පාක්ෂික හමුවක් අමතමින්.
රනිල් වික්රමසිංහ මහතා එහිදී පවසා සිටියේ, කොරෝනා වසංගතය ආරම්භ වු විට පරීක්ෂණ 5,000 ක් පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලු බවත්, මාර්තු 24 වන දින මෙරට ආසාදිතයින් 102 ක් වාර්තා වූ බවත් අද වන විට අද අසාදිතයින් 1814 ක් දක්වා ඉහළ ගොස් මරණ 11ද සිදුව ඇති බවත්ය.
රනිල් වික්රමසිංහ මහතා පවසන්නේ පරීක්ෂණ නිසි ලෙස සිදු කරේ නම් ආසාදිතයින් ගණන 500 කට සීමා කළ හැකිව තිබු බවත්, මේ සම්බන්ධව ආණ්ඩුව තමන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන් බවයි.