රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළව පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීමට පසුගිය රජය විසින් ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබූණේ එම තීරණය අවලංගු කර අදාල විභාගය රජය විසින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසටයි.
ඒ අනුව ඊට අදාළව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.