කහ තිත් පළඟැටියන් පිළිඹද දැනුම් දීමට දුරකථන අංකයක්

පසුගිය දිනවල දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවූ කහ තිත් පළඟැටියන් පිළිඹදව දැනුම්දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 1920 යන ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශවලට කෘෂිකර්ම නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය විජේසිරි වීරකෝන් මහතා පවසයි.

මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම හා කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන කීපයකටද කහතිත් පළඟැටියා හෙවත් පෙති අං පළඟැටියා ව්‍යාප්තව ඇතැයි කෘෂිකර්ම නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ. මෙම පලැඟැටි විශේෂය මීට පෙරද දිවයිනෙන් වාර්තා වූවද මෙවැනි සීඝ්‍ර ගහනයක් වාර්තාවී ඇත්තේ පළමු වරටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *