අලියා

2024 දී එජාප ආණ්ඩුවක්

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024දී ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ඊට අදාළව විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමඟ මේ වනවිට සාකච්ඡා පවත්මින් සිටින බවද ඒ මහතා දන්වා සිටියි. ඔහු මේ බව පවසා සිටියේ බලපිටිය සහ අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි..

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ බලයට පත්වූ ආණ්ඩුවේ වැඩපිළිවෙල කෙරෙහි කළකිරීමට පත් ආණ්ඩුවේ අමාත්‍යවරුන් එජාප නව ආණ්ඩුව පිහිටුවීමට දැඩි උනන්දුවකින් කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා දියත් කර ඇති සැලසුම් සම්පූර්ණයෙන්ම අනාවරණය කළ නොහැකි බවත් එය නුදුරේදී දැනගැනීමට හැකි වනු ඇති බවඒ මහතා පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *