මිනිසා සඳ දිනා වසර 50යි

මිනිසා පළමුවරට සඳ තරණය කිරීමේ ඵෛතිහාසික සිදුවීමට පසුගිය ජූලි 20වැනිදා වසර 50ක් සපිරිණි. ඇපලෝ 11 මෙහෙයුම සඳ මත මිනිසුන් ගොඩ බැස්වූ ප්‍රථම මෙහෙයුම විය. එය ඇපලෝ මෙහෙයුමෙහි පස් වන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන වූ අතර තෙවන මිනිසුන් සහිත සඳ ගමන විය.

1969 ජුලි 16 නිකුත් කරන ලද මෙහි අණ දෙන නීල් ආම්ස්ට්‍රෝන්, අණ දෙන මොඩියුලයේ නියමු මයිකල් කොලින්ස් හා චන්ද්‍ර මොඩියුලයේ නියමු එඩ්වින් ඕල්ඩ්‍රින් ඇතුළත් විය. ජූලි 20 වැනිදා ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ පළමු මිනිසුන් බවට පත් වූ අතර කොලින්ස් ඉහළින් කක්ෂගත විය.

මෙම මෙහෙයුම ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ 1960 දශකය ඉවර වීමට පෙර සඳ මත පය තැබීමේ අරමුණ ඉෂ්ට කරන ලදී. “මිනිසෙකු සඳ මත ගොඩ බා නැවත නිරුපද්‍රිතවව පෘථිවියට රැගෙන ඒමේ අරමුණ මෙම දශකයට පෙර ඉටු කිරීම සඳහා අප ජාතිය කැපවී වැඩ කළ යුතු බව මම සිතමි.” යැයි ජෝන් එෆ්.කෙනඩි පැවසීය.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට මහාමාර්ගවල සහ වෙරළවල් ආශ්‍රිතව ජනතාව රැස්ව සිටියේ යානය ගුවන්ගත කිරීම නැරඹීම සඳහාය. එසේම මිලියන ගණනින් ලොව පුරා ජනතාව රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය ‍ඔස්සේ සඳගමනේ සජීවී විකාශය හා සම්බන්ධ වූහ. අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් ද ධවල මන්දිරයේ සිට රූපවාහිනිය ඔස්සේ ඊට සම්බන්ධ විය.

සඳගමනට උඩුගුවනට

1969 ජුලි 16 දින උදෑසන 9.32 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අංක 39 ගුවන්ගත කිරීමේ සංකීර්ණයේ අංක 39 ඇ ගුවන්ගතකිරීමේ පීඨිකාවෙන් ඇපලෝ 11 යානය අභ්‍යවකාශගත කරන ලදී. මේ සඳහා සැටර්න් V (S-IVB) නැමති රොකට්ටුවක් උපයොගී කර ගන්නා ලදී.

ජූලි 19 වැනිදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුළුවීම සඳහා එහි සේවා ප්‍රචාලක එන්ජිම ක්‍රියාත්මක කෙරිණි.

සඳ තරණය

1969 ජූලි 20 වැනිදා ඊගල් ලූනා මොඩියුලය කොළොම්බියා අණ දීමේ මොඩියුලයෙන් වෙන්විය. කොළොම්බියාහි තනිව සිටි කොලින්ස් විසින් ඊගල් එය පසු කර යනවාත් සමඟ යානයට හානි වී නොමැති බව සැක හැර දැන ගැනීම සඳහා පරීක්ෂා කරන ලදී. ආම්ස්ට්‍රෝන් හා ඕල්ඩ්‍රින් ඊගල්ගේ ගොඩබැස්සවීමේ එන්ජිම සඳ මතට ගොඩ බෑම සඳහා යොදා ගන්නා ලදී.

‍ගොඩබෑම් පටන් ගන්නවාත් සමඟම ආම්ස්ට්‍රෝන් විසින් අපි දුරට යනවා යැයි වාර්තා කරන ලදී. ඊගල් එහි සැලසුම් කරන ලද ගොඩ බෑමේ ප්‍රක්ෂේපිතයට වඩා තත්පර 4ක් එපිටින් වූ අතර ඒ නිසා අදාල ප්‍රදේශයෙන් සැතපුම් ගණනක් බටහිරින් සඳ මත පතිත වනු ඇත.

LM මඟ පෙන්වීම් පරිගණකය LM ගොඩබැස්වීම මඟ පෙන්වීමත් සමඟ වැඩ සටහන් දැනුම් දීම් කිහිපයක් වාර්තා කරන ලදී. එමනිසා ගොඩ බෑම සිදු වන අතරතුර කාර්ය මණ්ඩලයේ අවධානය ද බාහිර වටපිටාවෙන් ඉවතට යොමු කිරීමට හේතු විය. ටෙක්සාස් හූස්ටන්හි වූ නාසාහි මෙහෙයුම් පාලක මධ්‍යස්ථානය තුළ වූ පරිගණක ඉංජිනේරු ජැක් ගාමන් මඟ පෙන්වීමේ නිලධාරී ස්ටීව් බේල්ස්ටර් ප්‍රකාශ කර සිටියේ දැනුම් සිදු වුව ද ගොඩ බැස්වීම අඛණ්ඩව සිදු කිරීම ආරක්ෂා සහගත බවයි. ආම්ස්ට්‍රෝන් ඔහුගේ අවධානය වටපිටාව දර්ශනය කර ගැනීම සඳහා යොමු කළ විට ඔහුට තේරුම් ගියේ පරිගණකය විසින් ඔවුන්ට මඟ පෙන්වනු ලබන්නේ පාෂාණ විසිරී ඇති විශාල ආවාටයක් දෙසට බවයි. ඉන්පසු ආම්‍ස්ට්‍රෝන් විසින් පාලනය ඔහුගේ අතට ගන්නා ලද අතර ඕල්ඩ්‍රින් මඟින් රේඩා‍රයේ පරිගණකයේ දත්ත ලබා ගනිමින් ජුලි 20 වන දා 08:17 ට මොඩියුලය ගොඩබැස්වුම් ස්ථානයට ගෙන යන ලදී.

වැඩසටහන් දැනුම් දීම වූයේ පරිගණකයෙහි සකස් කිරීමේ කාර්යය සම්පුර්ණ කර නොමැති බව ඇඟවීමටය. පරිගණකය ගොඩබෑම අතරතුර දී ඉවත දමන ලද LM රේඩාරයේ අතිරේක දත්ත සකස් කිරීම සඳහා සැලසුම් කර ඇති කාලයට වඩා වැඩි කාලයක් ගත කර ඇත. ඇපලෝ 11 අනෙකුත් මෙහෙයුම්වලට වඩා අඩු ඉන්ධන සහිතව ගොඩ බෑම සිදු කළ නමුත් එය ඉන්ධන අඩු අනතුරු ඇඟවීමකට මුහුණ දෙන ලදී. පසුව සොයා ගන්නා ලද්දේ මෙය සිදු වූයේ චන්ද්‍ර ගුරුත්වාකර්ෂණය නිසා බවයි.

එඩ්වින් ඕල්ඩ්‍රින් විසින් සඳ මතුපිටදී පළමු වචන කිහිපය කතා කරන ලද අතර ආම්ස්ට්‍රෝන් හට ගොඩබැස්වීමේ දත්ත ඔහු විසින් ලබාදෙන ලදි. ඊගල් ගොඩබැසීමත් සමඟම ඕල්ඩ්‍රින් විසින් “contact light ! ok, engine stop. ACA – out of detent” යනුවෙන් ප්‍රකාශ කරන ලද අතර ආම්ස්ට්‍රෝන් විසින් “out of detent” යයි ප්‍රකාශ කළ අතර නැවත ඕල්ඩ්‍රින් විසින් “Mode control – both auto. Descent engine command override off. Engine arm – off. 413 is in” යනුවෙන් ප්‍රකාශ කෙරිණි.

පසුව ආම්ස්ට්‍රෝන් කියූ ජනප්‍රිය වචන වනුයේ “Houston, tranquility base here. The eagle has landed.” යැයි ප්‍රකාශ කරන ලදී. මෙය පාලක මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය යන්තමින් කලබලයට පත් කරන ලදී. එයට හේතු වූයේ ආම්ස්ට්‍රෝන් විසින් tranquility base යන නම නිර්මාණය කර තිබුණේ ගොඩ බැස්වීමත් සමඟමය.

සඳ ගමනේ සහායක කණ්ඩායම

කැප්සියුල සන්නිවේදකවරුන් වශයෙන් රොනල්ඩ් එවන්ස්, ඔවෙන් කේ.ගැරත්, ඩොන් එල්.ලින්ඩ්, කෙන් මැටින්ග්ලි, බෲස් මැක්කැන්ඩ්ල්ස් සහ හැරිසන් ශ්ම්දිට් කටයුතු කළ අතර බිල් පෝග් හා ජැක් ශ්විග්ට්ගේ සහායත් හිමිවිය. මෙහි මෙහෙයුම් අධ්‍යක්ෂවරුන් ලෙස ක්ලිෆ් චාල්ස්වර්ත්, ජින් ක්‍රෙන්ස් හා ග්ලේන් ලූනි යන කණ්ඩායම කටයුතු කළේය.

සඳ ගමනට චෝදනා

සඳ ගමන බොරුවක් බව කියමින් ලොව පුරා විවිධ මතවාද පසුකලෙක පැතිරෙන්නට විය. ඒ සඳහා සඳ ගමනේ දී විවිධ සිදුවීම් අලලා විවිධ තර්ක ගෙන ඒමට විද්‍යාඥයින්, මාධ්‍යවේදීන් ඇතුළු ලොව පුරා පිරිස් කටයුතු කළහ.

ස‍ඳෙහි වායුගෝලයක් නොමැති බව විද්‍යාඥයින් තහවුරු කරන ලද්දකි. නමුත් ඉතා තුනී වායුගෝලයක් එහි ඇති බවත් එමගින් කොඩියක් ලෙල දෙන ආකාරයේ සුළඟක් ඇතිකළ නොහැකි බවත් බොහෝ දෙනා ගොඩනැගූ තර්කයකි. මේ සම්බන්ධයෙන් නාසා ආයතනය සාක්කි සහිතව පෙන්වා දෙමින් සඳහන් කර ඇත්තේ සඳ මත සිටවූ ‍අමෙරිකා කොඩිය විශේෂ ආකාරයට නිර්මාණය කරන ලද්දක් බවයි. කොඩිය දිගහැරී තිබීම පිණිස පොළොවට සමාන්තර අමතර ආධාරකයක් මත කොඩිය එල්ලා තිබෙන අයුරු දැකගත හැකිය. එමෙන්ම සඳ මත ඇතිවන සෙවණැලි සම්බන්ධ කරගනිමින් තවත් චෝදනාවක් එල්ල කෙරිණි. සඳ මතට ලැබෙන එකම ආලෝක ප්‍රභවය හිරු එළිය බවත් එ‍විට සඳ මත ඇතිවන සෙවනැලි එකම දිශාවකට පමණක් යොමුවී තිබිය යුතු බවත් එම තර්ක ගෙන එන්නන් ප්‍රකාශ කළ අතර ඔවුන් කියා සිටියේ මෙම ඡායාරූපවල විවිධ සෙවනැලි විවිධ දිශාවලට යොමුවී ඇතිබවත් ඒවා චිත්‍රාගාරයක කෘතිම ආලෝක තත්ත්ව යටතේ ලබාගෙන ඇති බවත්ය.

නාසා ආයතනය එයටද පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත්තේ එකම දිශාවකට සෙවනැලි වැටීම සිදු වනුයේ සම්පූර්ණ සමතලා බිමක පමණක් බවත් ස‍ඳෙහි පවතින කඳු ඇතුළු අනෙකුත් භූ ලක්ෂණ නිසා ඒවා මත වැටුණු සෙවනැලිවල හැඩය වෙනස්වන බවත් ය. සඳ මතට වැටෙන හිරු එළිය වගේම පෘථිවියෙන් පරාවර්තනය වන හිරුකිරණ නිසාත් මෙම තත්වය ඇති විය හැකි තිබෙන බව ඔවුන්ගේ මතය වී  ඇත.

සඳ මත මිනිසා තබන ලද පළමු පිය සටහන් නොමැකී පවතින්නේ කෙසේද යන ගැටලුවත් ඇතැමුන් විසින් මතු කරන ලද අතර ස‍ෙඳේ ඇති ඉතා සියුම් දුහුවිලි අංශු මත හොඳින් පාද සටහන් සලකුණු විය හැකි බව හා සඳ මත ප්‍රමාණවත් වායුගෝලයක් නොමැති නිසා මෙම දුහුවිලි අංශු ඉවත්නොවන බව නාසා ආයතනය ප්‍රකාශ කළේය.

මේ ආකාරයේ විවිධ තර්ක ගෙන ආවද නාසා ආයතනය එදා මෙදාතුර ඉතිහාසයේ මිනිසා තැබූ විශාලතම පියවර තබා සිය සාර්ථකත්වය සනිටුහන් කරගෙන වසර 50ක් ගතවී ඇත.

(මූලාශ්‍ර – www.space.com, විකිපීඩියා / Image – www.history.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *