හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි

හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවිමට තීරණය කර තිබේ. ඒ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම සාකච්ඡාවට ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහිදී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවිම සදහා ක්‍රියාත්මක කළයුතු යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ මහේල ජයවර්ධන කියා සිටියේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රිඩාව නැංවිම සදහා පියවර රැසක් ගත යුතුව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *