හෙරොයින් ජාවාරමේ නිරත වූ වේයන්ගොඩ “හැට්ටයා” අත්අඩංගුවට

ගම්පහ, වේයන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශවල හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන වේයන්ගොඩ ‘හැට්ටයා’ නමැති සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 5 ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පිළිඹදව කරනු ලැබූ විමර්ශණ වලදි හෙළිවී ඇත්තේ බැංකු ගිණුම් 3 ක් හරහා රුපියල් හත්කෝටි විසිතුන් ලක්ෂයකට අධික මුදලක් නීති විරෝධීව සංසරණය වී ඇති බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ, සැකකරු සතුව තිබූ රුපියල් 98 ලක්ෂයක චෙක්පතක්ද, හෙරොයින් ජාවාරමට යොදාගත් රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා මෝටර් රථයක් ද සිය භාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

41 හැවරිදි මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *