හදිසි නීතිය නැවත දිගු වෙයි

හදිසි  නීතිය නැවත දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පෙබරවාරි 28 වෙනිදා හදිසි නීතියේ කාලය අහෝසි වූ බවත් ඒ අනුව අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්යභාරයද අහෝසි වූ අතර නැවත හදිසි නීතිය දීර්ඝ කර ගැනීමට කටයුතු කරනවාදැයි මාධ්‍යවේදියා එහිදී විමසීය.

ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ කීය.අනිවාර්යයෙන්ම,මේ සතියේ පාර්ලිමේන්තුවට හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *