සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනයට ලංගම දායකත්වය

සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රවාහනය සදහා මේවන වට බස් රථ 275 කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) ඒ.එච්.පණ්ඩුල මහතා අද (25) රජයේ නිල ප්‍රවෘත්ති අංශයට දන්වා තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, රෝහල්වල ඉල්ලීම පරිදි මෙම බස් රථ ධාවනය වන බවත් එය ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට ම සේවාව ආරම්භ කළ බවත් ය. එසේම මෙම සේවාව නොමිලේ ඉටු කෙරේ.

එසේම ⁣සෞඛ්‍ය, ආරක්ෂක අංශ මෙන් ම ඇදිරි නීතිය පවතින කාලයේ ද තම රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ලංගමය කැපවී සිටින බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *