සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට සුභ පණිවුඩයක්

කොවිඩ් අවදානම මැද සේවයට වාර්තා කළ සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබා ගැනීමට පැවැති බාධකය නව චක්‍රලේඛයක් මගින් ඉවත් කර තිබේ.

ඒ අනුව සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට අයත් ගර්භණී නිලධාරිනියන් සඳහා අංක 02/2021(11) හා 2021.05.10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධාන අදාළ කරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වයි.

එසේ වුවද රටේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ තමන්ගේ වෘත්තිමය වගකීම අවබෝධ කරගෙන ස්ව කැමැත්තෙන් තවදුරටත් සේවයේ යෙදීමට කැමැති ගර්භණී නිලධාරිනියන් වෙතොත් ඔවුන් අදාළ ආයතනය, රෝහල් තුළ කොවිඩ් -19 අවදානම නොමැති ස්ථානවල පමණක් සේවයේ යෙදීමේ අවස්ථාව පවතී.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එස්. එච්. මුණසිංහ මහතාගේ අත්සනින් යුතුව නව චක්‍රලේකය නිකුත් කර තිබේ.

ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2021.05.31 නිකුත් කළ ලිපිය මින් අවලංගු වන බවය.

ගර්භණී සෞඛ්‍ය නිලධාරිනියන්ට පවතින කොවිඩ් අවදානම මැද නිවාඩු ලබා ගැනීමට නොහැකි වූ තත්ත්වය ‘අද දෙරණ’ පසුගියදා දිගින් දිගටම වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *