ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

කොවිඩ් – 19 ආසාදිතයින් 2,976 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

ඊයේ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 805කි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ බියගම, නිට්ටඹුව, සීදූව, මීගමුව යන ප්‍රදේශවලින්ය.

දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 589කි.

අවිස්සාවේල්ල, වැලිකඩ, වැල්ලම්පිටිය සහ මොරටුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබේ.

තෙවැනියට වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 300කි.

එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් බුලත්සිංහල, හොරණ,අඟුරුවාතොට යන ප්‍රදේශවලින් වාර්තා විය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 589 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 300ක් වාර්තාවීමත් සමග බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 110,293ක් දක්වා ඉහළගොස් ඇත.

මීට අමතරව නුවරඑළිය 108ක්, යාපනය 112ක්, අනුරාධපුර 107ක්, ගාල්ල 98ක් සහ වව්නියාව ආසාදිතයින් 85ක් ලෙස වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97 දෙනෙකු වාර්තාවීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,198 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

කුරුණෑගල ආසාදිතයින් 79ක්, මඩකලපුව 73ක්, පොළොන්නරුව සහ හම්බන්තොට 60 දෙනා බැගින් ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 205,333 දක්වා ඉහළගොස් තිබේ.

එම අසාදිතයින්ගෙන් 167,304 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව තවත් ආසාදිතයින් 36,333 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 46ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ්  මරණ සංඛ්‍යාව 1,742ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අදත් විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මක විය.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 146 දෙනෙකුට ලබාදී ඇති අතර එම එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 353,302කි.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 4,479 දෙනෙකුට ලබාදී තිබේ.

සයිනොෆාම් එන්නත මේ දක්වා ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 957,959ක්ය.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ද මේ දක්වා පුද්ගලයින් 64,986 දෙනෙකුට එන්නත් කර තිබේ.

ඒ අනුව කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 1,948,187කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *