Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සූරියකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිට කොස්තාපල්ට ඇප

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සිංහරාජ වනාන්තරයට මායිම්ව ඇතැයි කියන ලංකාබේරිය ප්‍රදේශයේ ගෝණ දඩයමේ ගිය බවට සැකපිට  අධිකරණයට ඉදිරිපත් කළ සූරියකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිට සහ එම පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපලවරයා රුපියල් ලක්ෂ හතරක ශරීර ඇප මත මුදාහරින ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.ඩී.දසනායක මහතා  නියෝග කළේය.

මෙසේ ඇපමත මුදාහැරුනේ පොලිස් පරීක්ෂක ලාල් පෙරේරා  සහ කොස්තාපල් රවිදු එරංග යන දෙදෙනායි .

කොළඹ මධ්‍යම අපරාධ ඒකකය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය .

ඔබේ අදහස