සියලු පාසල් හෙට සිට විවෘත වේ, අදාළ ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු සිදු වන්නේ මේ ආකාරයටයි

දිවයිනේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු හෙට (10) දිනයේ සිට ආරම්භ කරන බවත්, 5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව තබා සෙසු ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් සාමාන්‍ය පරිදි දින 05 තුළම පැවැත්වීමට නියමිත අතර ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් සඳහා එක් එක් ශ්‍රේණිවලට අධ්‍යයන කටයුතු සිදුකිරීමට අදාළ දින නම් කර තිබේ.

ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ වල අධ්‍යයන කටයුතු පහත පරිදි සිදු කෙරේ.

හෙට (10) දිනයේ සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතර ව, සුපරීක්ෂණ කාර්යය, පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම් ද පැවරෙන බවත්, ප.ව. 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලු ම ගුරුභවතුන්ගේ රාජකාරී වේලාව පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *