සිංහරාජය හරහා මාර්ගයක් ඉදිකරනුයේ තමන්ට අයත් හෝටලයකට යාමට බවට එල්ල වී ඇති චෝදනාව යෝෂිත රාජපක්ෂ මහතා විසින් දැඩිව ප්‍රතික්ෂේප කොට තිබේ. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ප්‍රචාරයන් නැවත වතාවක් රාජපක්ෂ පවුලේ ප්‍රතිරූපය විනාශ කිරීමට කිසියම් කණ්ඩායමක් විසින් ගෙන යන මඩ ව්‍යාපාරයක් බවයි.
එමෙන්ම මෙම සාවද්‍ය චෝදනා ප්‍රචාරය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද යෝෂිත රාජපක්ෂ මහතා සදහන් කොට තිබේ. පසුගිය දිනෙක පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කර සිටියේ සිංහරජය හරහා ලංකාගමට දක්වා මෙම පාර කැපෙන්නේ යෝෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයකට යාම සදහා බවටයි.