“සෑම පන්ති කාමරයකටම ස්මාර්ට් බෝඩ් අවශ්‍ය නැහැ” අගමැතිනිය කියයි

සෑම පන්ති කාමරයකටම ස්මාර්ට් බෝඩ් ලබාදීමට රජය කටයුතු නොකරන බවත්, අධ්‍යාපනයේ සෑම අදියරකටම එවැනි තාක්ෂණික උපකරණ අවශ්‍ය නොවන බවත් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

දරුවන්ට ඔවුන්ගේ වයසට සහ අධ්‍යාපන මට්ටමට ගැළපෙන අවස්ථාවකදී තාක්ෂණය හඳුන්වාදීම වැදගත් බව අවධාරණය කළ අගමැතිනිය, ස්මාර්ට් බෝඩ් මිලදී ගැනීම සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු නොකරන ලෙස පාසල් විදුහල්පතිවරුන්ට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියාය.

“කරුණාකර විදුහල්පතිවරුන්ට කියන්න දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන්න එපා කියලා,” යනුවෙන් ඇය පැවසුවාය.

තාක්ෂණික උපකරණ අනවශ්‍ය ලෙස භාවිත කිරීම හේතුවෙන් විවිධ ගැටලු ඇතිවිය හැකි බවත්, එමගින් දරුවන් ඒවාට ඇබ්බැහි වීමේ තත්ත්වයක් පවා ඇතිවිය හැකි බවත් අගමැතිනිය අනතුරු ඇඟවීය.

ස්මාර්ට් බෝඩ් ලබාදීම අවශ්‍යතාව සහ දරුවන්ගේ වයසට ගැළපීම සැලකිල්ලට ගනිමින් සැලසුම් සහගතව සිදුකරන බවද අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *