සතොසින් රුපියල් 500 සිට 2000 දක්වා වටිනාකමින් යුත් ආහාර මලු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත පාර්සල් දිවයින පුරා පිහිටි සතොස ශාඛා 420 මඟින් රුපියල් 500 සිට 2000 දක්වා මිල ගණන් යටතේ ලබා ගැනීමට මහජනතාවට හැකියාව ඇතැයි සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් වෙළෙඳසැල් විවෘත කරන ලෙස රජය උපදෙස් ලබා දී ඇති බව කියා සිටි ඒ මහතා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇති තරම් තොග පවතින බැවින් අනවශ්‍ය තදබදයකින් තොරව භාණ්ඩ ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් මහජනතාවට දන්වා සිටියි. එමෙන්ම වෙළෙඳසැල් වෙත සීමිත පිරිසක් පමණක් ඇතුල් කර ගන්නා බවද පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *