ශ්‍රී ලංකාවට එන්නත් දෙන්න අමෙරිකාවත් ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකාව සමඟ පවත්නා ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් කොරෝනා මර්දන එන්නත් ශ්‍රී ලංකාවට දෙන බවට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහතික වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් 17කට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 7ක් පරිත්‍යාග කිරීමට අමෙරිකාව සැලසුම් කර තිබෙන අතර, ලොව පුරා එන්නත් මිලියන 80ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේ මෙය දෙන බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ තීරණයකට අනුව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනිසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවානිව්ගිනියාව, තායිවානය සහ පැසිෆික් දූපත් සඳහා එන්නත් බෙදා හැරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *