ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්

කිරිඉබ්බන්වැව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින්  2022 දී ගිනිබත්  කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8,850,000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ  සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි  කියන   හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 29 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා අද නියෝග කළේය.

සැකකරුට ඇප ලබා දෙනවාද නැද්ද යන පිළිබඳ නියෝගය එදින ඉදිරිපත් කරනරන බවටද දන්වා සිටියේය. බන්ධනාගාර අධිකාරිය මගින් සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ.‍

සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශන පොදු දේපළ පනතේ වගන්ති වලට ගැනෙන වැරදි බැවින් හා දූෂණ විරෝධී පනතේ 139 වගන්තයට අයත්වන බැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසත් නඩු විභාගය අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *