විදුලිබල පද්ධතියේ දෝෂය පිලිබඳ වාර්තාව ඇමතිවරයා අතට

පසුගියදා මෙරට ජාතික විදුලිබල පද්ධතියේ ඇතිවූ දෝෂය සම්බන්ධව සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව ඊයේ (24) පස්වරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදී ඇත.

මෙම වාර්තාව සකස් කර ඇත්තේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වන හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගිනි. ඒ අනුව අදාළ වාර්තාව අද (25) විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ විමර්ශනයට ලක්වීමට නියමිත අතර, හෙට (26) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කරීමට නියමිත බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *