වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස   පත්විය.

මහින්ද පරාක්‍රම මහතා මීට පෙර සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස කටයුතු කළ අතර වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ වරාය අධිකාරියේ හා ජය බහාලුම් පර්යන්තයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

මහින්ද පරාක්‍රම දිසානායක මහතා සමුද්‍රීය හා සැපයුම් ක්ෂේත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති එක්සත් ජාතීන්ගේ වෙළද සහ සංවර්ධන පිළිබඳව සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධානය සහ ආයතන රැසක් සමඟ කටයුතු කර ඇති නිලධාරියෙකි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා රාජ්‍ය තාන්ත්‍රික දූතසේවා තනතුරකට පත්කිරීමට නියමිත බව වරාය, ගුවන් සේවා, අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *