හැමිල්ටන් ඇළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

හැමිල්ටන් ඇළ (Hamilton Canal), මීගමුව කලපුව සහ ඒ අවට පිහිටි බස්නාහිර පළාතේ ජලාශ්‍රිත කලාපය පරිසර හිතකාමී සහ ඓතිහාසික උරුමයන් කේන්ද්‍ර කරගත් ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම සඳහා රුපියල් මිලියන 700ක (රුපියල් කෝටි 70ක) දැවැන්ත සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බස්නාහිර පළාත් සභාව සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාවක් පදනම් කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර, ඒ ඔස්සේ මීගමුව කලපුවේ පිහිටි ‘කිංස් අයිලන්ඩ්’ (King’s Island) ජැටියේ සිට මා ඔය මෝය දක්වා විහිදෙන හැමිල්ටන් ඇළ මාර්ග කොටස ආකර්ෂණීය අයුරින් සංවර්ධනය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වන ඒකාබද්ධ යෝජනාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.




