වතු කම්කරු වැටුප් වැඩි කරන ගිවිසුමට අත්සන් කරයි

අයවැයෙන් වැඩි කළ වතු කම්කරු වැටුප ලබාදීම සම්බන්ධව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාශය ,කම්කරු අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPC) අතර ගිවිසුම්ගත වීම  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී ඊයේ(30) සිදු කෙරිණි.

වතු කම්කරු වැටුප වැඩි කිරීමේදී රජය විසින් ගෙවීමට නියමිත මුදල සම්බන්ධ එකඟතාවයට ද මෙහිදී එළඹිණි.

වතු කම්කරු  වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩි කිරිමට පියවර ගත් බව ජනාධිපතිවරයා ඉකුත් අයවැය කතාවේදී පැවසූ අතර එහිදී මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා වැඩි කර රුපියල් 200ක පැමිණීමේ දීමනාවක්ද ලබාදෙන බව සඳහන් කළේය.එම පැමිණීමේ දීමනාව  රජය විසින් ගෙවීමට තීරණය කෙරුණු අතර අයවැයෙන් ඒ සඳහා රුපියල්  මිලියන 5,000 ක මුදලක් වෙන් කළේය.

අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති , කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම් පියතිස්ස , වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහත්වරු ඇතුළු ප්‍රාදේශිය වැවිලි සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *