වත්මන් තත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

දැනට පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම් පි.බි. ජයසුන්දර වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසයට අදාළ ආසාධිතයින්ගේ සුවවීම, මරණ අනුපාතය යන කරුණු අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වෛරසය මර්දනය කර ඇති ආකාරය පැහැදිලි වන බවත්, රජය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ක්‍රියා කරමින් නිරෝධන කටයුතු සිදු කර ඇති බැවින් ඊට අදාළ සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් පිළිපැදිම හා පවත්වාගෙන යාම සිදු කිරීම අවශ්‍ය බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් යොමුකර ඇති ලිපියේ සදහන්ව ඇති බව රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියා .

කෙසේවෙතත් මෙම වෛරසයට තවමත් එන්නතක් සොයා නොගෙන ඇති බැවින් එය පැතිර යාමේ අවදානම පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කර ඇති බව ද නීතිඥ රොමේෂ් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *