වගා නොකරන පුරන් කුඹුරු ත්‍රිවිධ හමුදාව යොදවා අස්වැද්දීමට පියවර

පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් එම කුඹුරු ගොවිජන සේවා පනතට යටත්ව, වගා කටයුතු සිදු කිරීම සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බව ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.

එමෙන්ම මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු වලට අදාළව රජය විසින් වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක් මිලදී ගැනීමට නියමිත බවටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *