ලංගම රියදුරු හා කොන්දොස්තර වරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ

දිවයින පුරා ඇදිරි නීතිය ලිහිල් කිරීමටත් සමගම කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් රථ ධාවනයට අද (26) අවසර හිමි වේ. ඒ අනුව ප්‍රවාහණ අවශ්‍යතා සපුරාලීමට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5,000කට අධික සංඛ්‍යාවක් අද දිනයේ සිට ධාවනයට එක් කර ඇති බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කරයි.

එමෙන්ම යළි දන්වන තුරු අද සිට සියළුම ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *