රුපියල් පන්දාහේ හොර නෝට්ටු බන්ඩල් තොගයක් සොයා ගැනේ

රුපියල් පන්දහසේ නෝට්ටු ආකාරයට සැකසූ බන්ඩල් 128ක් බෑගයක අසුරා මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නෝට්ටුවේ එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු 02ක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කර, ඒ සමාන බන්ඩල් 128ක් මෙම බෑගයේ අසුරා තිබී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, ඊයේ (17) දහවල් 2.30ට පමණ මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබුණු අතර, එහිදී අදාළ නොට්ටු සමග වයස අවුරුදු 34, 36 සහ 42 පසුවන මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අංගොඩ, ජාඇළ හා මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *