මෙරට බහුදින යාත්‍රා 30ක් ධීවරයින් සමග ඉන්දුනීසියාව දෙසට ගසා ගෙනයයි

දිවයින ආශ්‍රීතව ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් පමණ ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති බවට ධීවර දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අදාළ යාත්‍රාවල ධීවරයින් 180 දෙනෙකු පමණ රැදී සිටින අතර ලැබී ඇති තොරතුරු අනුව ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ධීවර දෙපාර්තමේන්තුව අදාළ ධීවරයින් පිළිඹදව ඉන්දුනීසියානු හා නිකොබාර් දූපත් බලධාරීන් හා ඉන්දීය බලධාරීන්ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව එම ධීවරයින් මෙරටට ළඟා වීමට නියමිත අතර අවශ්‍ය වුවහොත් ඔවුන් මුදාගැනීම සඳහා කටයුතු යෙදීමට පියවර ගන්නා බව ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *