මීගහතැන්නෙන් අතුරුදන් වූ තිවංක ගැන තොරතුරක් ඇත්නම් කියන්න

මීගහතැන්න ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් පිටත්ව ගොස් පසුගිය අප්‍රේල් මස සිට අතුරුදන්ව සිටින 43 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහය පතයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, මෙලෙස අතුරුදන්ව ඇත්තේ මීගහතැන්න, පුවක්ගහහේන ප්‍රදේශයේ පදිංචි වික්‍රමනායක කරුණාරත්නගේ දර්ශන තිවංක නමැති 43 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
අතුරුදන්වූ පුද්ගලයාගේ පියා විසින් මීගහතැන්න පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ පැමිණිල්ලට අනුව, තමන් මනම්පිටිය සහ වැලිකන්ද ප්‍රදේශයන් බලා යන බව පවසමින් පසුගිය 2026 අප්‍රේල් මාසයේදී මොහු නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුව ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
අතුරුදන් වූ පුද්ගලයාගේ ශාරීරික විස්තර:
උස: අඩි 5යි අඟල් 4ක් පමණ
ශරීර ස්වභාවය: කෙට්ටු සිරුරක් සහිත
සමෙහි පැහැය: තලෙළු/අඳුරු පැහැති
කොණ්ඩය: කොටට කපන ලද කොණ්ඩයක් සහිත
මෙම පුද්ගලයා පිළිබඳව කිසියම් හෝ තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ වහාම මීගහතැන්න පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි:
📞 ස්ථානාධිපති (මීගහතැන්න පොලිසිය): 071-8591706
📞 මීගහතැන්න පොලිස් ස්ථානය: 034-2284022





