මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව භාර කොන්ත්‍රාත්කරුට කොවිඩ්

කොන්ත්‍රාත් පදනම මත මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බවත්, ඔහුගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වන අතර ඔහුද කොවිඩ් ආසාධිතයකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන ගිය පුද්ගලයාගේ අශ්‍රිතයින්ද මේ වන විට හඳුනාගෙන ඇති බවත්, නිරෝධායනයට යැවීමටත් PCR පරීක්ෂණ කිරීමට අවශ්‍ය පියවරද ගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *