මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාධිතයින් ගණන ඉහළට

තවත් පුද්ගලයන් 14 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් බවට ඊයේ රාත්‍රියේ හඳුනාගෙන ඇති අතර ඉන් එක් අයකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන බවටත්, සෙසු 13 දෙනා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටී.

ඒ අනුව ඊයේ දිනයේදී හමුවූ කොවිඞ් ආසාදිතයින් ගණන 35ක් වන අතර ඔවුන්ගෙන් 30 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඞ් පොකුරෙන් වාර්තා වී තිබේ. ඒ සමග මිනුවන්ගොඩ කොවිඞ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1083ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *