“මැද පෙරදිග යුද්ධය පිළිබඳ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන සම්පූර්ණ බොරු.” අමාත්‍ය හර්ෂණ

ඉරානය ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම නවතා දැමීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සත්‍යයෙන් බොහෝ දුරස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

ගිලී ගිය ඉරාන නෞකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා රජය ඇමරිකා එක්සත් ජනපදයට සහාය දුන් බවට පළ වන අනෙක් පුවත ද අසත්‍ය බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව විසින් බේරා ගන්නා ලද ඉරාන නෞකාවේ ළමයින් සිටින බවට සමහර විපක්ෂ මන්ත්‍රීවරුන් පවා අසත්‍ය ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *