මැතිවරණය දිනා එජාපයේ බලය අල්ලා සිරිකොතට ඇතුළු වෙනවා – නලින් බණ්ඩාර

සමඟි ජනබලවේගය වටා එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටින බවත්, ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේ දී සමඟි ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වන බවත් කුරුණෑගල දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඔහු පවසන්නේ සමඟි ජනබලවේගය ලබන විශිෂ්ට ජයග‍්‍රහණයෙන් පසු තම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ බලය අල්ලා ගන්නා බවයි.

එක්සත් ජාතික පක්ෂය පෙර අවස්ථා වලදී මෙන්ම මෙවර ද අන්ත පරාජයක් ලබන බව පවසන නලින් බණ්ඩාර මහතා ජන බලය සහිත පක්ෂය ලෙස මැතිවරණයෙන් පසු සිරිකොතට ඇතුළු වන බව ද කියා සිටි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟි ජන බලවේගය වටා එක් රොක් වී ගම් මට්ටමින් සූදානම් වී සිටින බවත් එක්සත් ජාතික පක්ෂය හැර ගිය එජාප පාක්ෂිකයන් විශාල පරිසක් සමඟි ජනබලවේගය වටා නැවතත් එක්ව සිටින බවත් පෙන්වා දෙන නලින් බණ්ඩාර මහතා සමඟි ජනබලවේගය මේ රටේ ප්‍රබල විපක්ෂයක් ලෙස රට ගොඩ ගැනීමේ ගමනේ දී ක්‍රියාත්මක වන බව ද පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *