හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මාලක සිල්වා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම පොලීසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.
බත්තරමුල්ල ප්‍රදේශයේ සදුන් මාලින්ද තේනුවර නැමති ව්‍යාපාරිකයෙකුගෙන් මර්වින් සිල්වා වන සිය පියාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා මරණ තර්ජනය කිරීම ඔහුට එරෙහි එල්ල වී තිබෙන චෝදනාවයි.