මහ මැතිවරණය පැවැත්විමේ හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි

අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේදී අද (07) පැවති ආදර්ශ මැතිවරණයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇති බව පෙනී ගිය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. ඔහු මේ බව සදහන් කළේ එම ආදර්ශ මැතිවරණයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයන්ගේ දෑත් පිරිසිදු කිරීම සඳහා විෂබීජනාශක දියර යොදා ගැනීමට ද මෙහිදී තීරණය වූ බවත්, මහමැතිවරණයට වැය වන වියදම ගණනය කිරීමට සිදු වන්නේ තවත් දෙසතියකින් පමණ බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

එමෙන්ම මහමැතිවරණය පැවැත්වීම ප‍්‍රවේශම්කාරීව සිදු කළ යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *