LK reports news sinhala

මනාප අංක නිකුත් කිරීම අද දිනයේදී

මහමැතිවරණය පැවැත්වීමේ දිනය සමබන්ධ ගැසට් නිවේදනය මෙම සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය. එමෙන්ම අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් නිවේදනය අද (09) දිනයේ නිකුත් කිරීමට නියමිත බවත් ඒ මහතා සදහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පෙරවරු 11 ට පමණ රැස් වූයේ එහි සභාපති මහින්ද දේශප්‍රිය, හා සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර හා මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.

අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශ සහ තවත් පාර්ශව කිහිපයත් සමග සාකච්ඡා කර මැතිවරණ දිනය තීරණය කරන බවයි. එමෙන්ම මැතිවරණය පැවැත්වීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති මාර්ග උපදේශන ගැසට් මගින් ප්‍රශකයට පත් කිරිමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *