මත්ද්‍රව්‍ය වැටලීම් සාර්ථකයි, විකල්ප මත්ද්‍රව්‍ය පිළිඹඳ තොරතුරු පොලිසි දැනුම්දෙන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මත්ද්‍රව්‍ය සොයා සිදුකරන වැටලීම් සාර්ථක වීම හේතුවෙන් හෙරොයින වැනි මත්ද්‍රව්‍ය මේ වන විට හිඟ භාණ්ඩයක් බවට පත්ව ඇති බවත්, ඒ සඳහා විකල්ප මත්ද්‍රව්‍ය දිවයිනට ගෙන්වීමට ජාවාරම්කරුවන් උනන්දු වෙමින් සිටින බවටත් තොරතුරු වාර්තා වෙමින් තිඛෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව විකල්ප මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ඒ පිළිබඳ නොපමාව පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *