මඩකලපුව සියොන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවා මෙහෙය වූ ප්‍රධානියා අත්අඩංගුවට

පසුගිය වසරේ අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී තවත් එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බෝම්බ ප්‍රහාර මාලාවේ මඩකලපුවේ සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *