බුදු දහමට, සංඝරත්නයට නින්දා අපහාස කරන දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන්න

බුදු දහමට සහ මහා සංඝරත්නයට නින්දා අපහාස කරන දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටී. බෞද්ධ සංස්කෘතියට අනුව ගොඩනැගුණු මේ බෞද්ධ රටේ සිටින ඇතැම් දේශපාලනඥයන් බුද්ධාගමටත් මහා සංඝරත්නයටත් අපහාස, උපහාස කිරීම සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවන බවද උන්වහන්සේ පවසා සිටියහ.

එමෙන්ම මෙවැනි පිරිස් පක්ෂවල තනතුරුවල ඉදිරියටත් රඳවාගෙන සිටියහොත් බෞද්ධ ජනතාව එම පක්ෂවලින් ඈත් වීම නොවැළක්විය හැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *