බිත්තර මිල රු 10ට අඩු කෙරේ, නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර

නිරෝධායන මධ්‍යස්ථාන වල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය යුද හමුදා සැපයීම් අංශයට බිත්තර පනස්දාහක් අරලියගහ මන්දිරයේ දී ඊයේ (23) පරිත්‍යාග කළේය.

වත්මන් තත්ත්වය සලකා බලා බිත්තර මිල අඩු කරන ලෙස අගමැතිවරයා කළ ඉල්ලීමක් පිළිබඳ සලකා බලා ජනතාවගේ පහසුව සඳහා බිත්තර මිල අඩු කිරීමට තම සංගමය තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා පැවසීය. ඒ අනුව අද සිට බිත්තරයක් රුපියල් 10 කට මිලදී ගැනීමේ හැකියාව ලැබේ.

සතොස, සමුපකාර ආදී ආයතන හරහා පහසු මිලට බිත්තර මිල දී ගැනීමේ හැකියාව පවතී. වැඩි මිලට බිත්තර විකුණන්නේ නම් 0372293300 යන පාරිභෝගික අංකයට දැනුම් දෙන ලෙස ද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *