බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මේජර් ජනරාල් නිලයට උසස් කෙරේ

දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද්ධය අවසන් කර වසර 11 සම්පූර්ණ වීමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගැනුණා. ඒ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුවයි.

මේ අතර මීට වසර දෙකකට ඉහතදී ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාටද උසස්වීමක් ලබාදී තිබේ. ඒ අනුව ඔහු මේජර් ජනරාල් නිලයට උසස් කර තිබෙනවා.

මෙලෙස උසස් වීම් ලැබූ සෙසු නිලධාරින් අතර මේජර් ජනරාල් නිලයට උසස් කළ නිලධාරින් 05ක්, බ්‍රිගේඩියර්වරුන් 04 දෙනෙක්, ලුතිනන් කර්නල්වරුන් 39ක්, මේජර් නිලයට 60 දෙනෙක් හා ලුතිනන් නිලයට 60 දෙනෙක් ලෙස උසස් වීම් ලබා සිටිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *