බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 119 ක් ගැන සොයා බැලිය යුතුයි

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ 119ක් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට සිදුවී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. ඒ මහතා පවසා සිටින්නේ ඊයේ (09) වනවිට එම සංඛ්‍යාව 250කට ආසන්න අගයක් ගත්තද මේ වන විට එය අගය අඩුකර ගැනීමට හැකි වී ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පිරිස් පිළිඹදව සොයා බලා නිරෝධායනය හෝ සෞඛ්‍ය ආයතන කරා යොමු කිරීමට හැකි වූ පසු ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙම තත්ත්වය පාලනය කළ හැකි බව විශ්වාසයක් පවතින බවයි. එම පිරිස් සොයා ගැනීමට ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කර සිටියි.

ඒ මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මෙසේ වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *