බන්ධනාගාර වලට නවතම උපකරණයක් – මත්ද්‍රව්‍ය භාවිතය තවදුරටත් සීමාවේ

මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන් හදුනා ගන්නා උපකරණ තොගයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මේ වන විට ලැබී අතර එම යන්ත්‍ර භාවිතයෙන් බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියන් අහුඹු ලෙස තෝරාගෙන ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින්නේ ද යන්න සෙවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිත කළ යම් රැඳවියෙකු එහිදී අනාවරණය වුවහොත් ඔහු හරහා මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ සිදුකරන බවත්, මත්ද්‍රව්‍ය සැපයීමට බන්ධනාගාර නිලධාරීන් සහය ලබාදී ඇත්නම් ඔවුන්ට එරෙහිවද නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *