පොලිස් නිෂ්කාශන සහතික අයදුම්කරුවන්ට පැය 24 පුරා දුරකථන අංක 3ක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීමේ මාර්ගගත පද්ධතිය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ අයදුම්කරුවන්ට සහාය වීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ නිෂ්කාශන සහතික පරිගණක පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කරන තෙක් සහතික සඳහා අයදුම් කිරීමේදී අනුගමනය කළ යුතු තාවකාලික ක්‍රියාපටිපාටිය පිළිබඳව මහජනතාව දැනුවත් කර ඇති බවයි.

අයදුම්කරුවන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු ලබාදීම සහ අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීම සඳහා පොලිස් මූලස්ථානයේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරිය සම්බන්ධ කරගත හැකිය.

ඒ සඳහා පහත දුරකථන අංක භාවිත කළ හැකිය.

071-8595946
071-8595947
071-8595948

පොලිසිය සඳහන් කළේ මෙම දුරකථන අංක ඔස්සේ පොලිස් නිෂ්කාශන අංශයට අදාළව අයදුම්කරුවන්ට ඇති ගැටලු පිළිබඳ විමසීම් සිදුකිරීමට, අවශ්‍ය මඟපෙන්වීම් ලබාගැනීමට සහ අයදුම් කිරීමේදී මතුවන ගැටලු විසඳා ගැනීමට සහාය ලබාගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *