පිස්සු නටන දේශපාලන පිරිසකට මැතිසභා කමිටුවෙන් රතු එළියක්

කන්කසන්තුරේ  තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර  පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ  තර්ජනයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.

මුලින් පැමිණියේ කුඩා පිරිසක් වුවත් කල් ගතවන විට එය හතළිහක් පමණ පිරිසක් දක්වා වර්ධනයවී  ඇතැයිද   කාරක සභාව පෙන්වා දෙයි.

මේ අතර මෙම විහාරස්ථානයේ   පෞද්ගලික ඉඩම් පවතී නම් එම ඉඩම් හිමියන්ට ඒ ආසන්නයෙන් වෙනත් ඉඩම් ලබා දෙන ලෙසත්  ඉඩම මායිමට පෞද්ගලික ඉඩම් අයත්වී  ඇත්නම් ඒවා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  දැඩි අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *