නලින්ගෙන් ජවිපෙට අභියෝගයක්

රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ  නායකයන්ට අභියෝගයක්  කරන බව  සමගි  ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.

විවාදයට සමගි ජන බලවේගයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සහ  කබීර් හෂීම්  යන    ආර්ථික විශේෂඥයන්  ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

තමා මේ අභියෝගය කරන්නේ හත්වැනි වතාවට බව පැවසූ මන්ත්‍රීවරයා  ජාතික ජන බලවේගය  තමාගේ අභියෝගය මෙතෙක්  බාරගෙන නැතැයිද  සඳහන් කළේය.

විවාදයකට ආරාධනා කරන විට  ජාතික ජනබලවේගයේ අනුර දිසානායක ඇතුළු පිරිවර  හැංගෙන බවත් තැන් තැන්වල පොර ටෝක් දුන්නට මේ වගේ විවෘත සභාවක මුහුණ දිය නොහැකි යැයි  ඔවුන් හොඳින්ම දන්නා  හෙයින් මෙසේ කටයුතු කරන බව බවත්   බණ්ඩාර මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *